සමස්තයක් ලෙස ආර්ථිකය බිඳ නොවැටී තබා ගැනීමට පියවර ගෙන තිබෙනවා – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට පාර්ලිමේන්තුව අමතමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* ‍2025 අයවැය හිඟය 2.4% දක්වා පහත බසිනවා.

* ආදායම් විශිෂ්ට ලෙස එකතු කරමින් සිටිනවා. සමස්ත බදු ආදායම 17.2% ට පැමිණෙනවා.

* උත්සව සමයේ හිඟයකින් ‍තොරව භාණ්ඩ සපයා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

* ධීවර සහ කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් තීරණ ගැනීමට කමිටු පත් කර තිබෙනවා. ඒවා දින දෙකකට වරක් රැස් වෙනවා.

* රාජ්‍ය සේවය කළමණාකරණය කර ගැනීමට කමිටුවක් පත් කර තිබෙන අතර, බලශක්ති වියදමෙන් 25% ක් අඩු කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

* ආරක්ෂක ලේකම් හා නාවික හමුදාව මැදිහත්වෙලා මුහුදු සීමාව ආරක්ෂා කර ගැනීමට, ප්‍රමාණවත් ලෙසට මාස දෙකකට ඉන්ධන ගබඩා කර තිබෙනවා.

* සමස්තයක් ලෙස ආර්ථිකය බිඳ නොවැටී තබා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

* ආර්ථිකය අපහසුතාවන්ට පත්විය හැකියි.

* ඒ පිළිබඳ අවධානය යොමුකර ලබාදිය හැකි සහන සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටු පත්කර තිබෙනවා.