ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා රජය, එම සමාගමේ අමෙරිකානු ඩොලර් මිලියන 175 ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර තිබෙනවා.
අදාළ ගිවිසුම යටතේ 16% ක කප්පාදුවක් සහ නව බැඳුම්කර නිකුත් කිරීමක් සිදු කර ඇති බවයි ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කළේ.
මෙමඟින් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මූල්‍ය ස්ථායීත්වය ශක්තිමත් කිරීමට මෙන්ම, රටේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය වීමටද හැකිවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.







