මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල පවසනවා.
එම ඉන්ධන කෝටාව ලීටර් 60 – 360 අතර පරාසයක් තුළ ලබා දීමට පහසුකම් සලසන බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.
බස් රථ ධාවනය කරන දුර ප්‍රමාණය මත ඉන්ධන ප්‍රමාණය තීරණය වන බවත්, එම ක්‍රමවේදය සකස් කරන තුරු ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.







