WORK FROM HOME ගැනත් අව­ධා­නය

මැද­පෙ­ර­දිග යුද­මය තත්ත්වය හමුවේ ඉන්ධන පිරි­මැ­සුම් ක්‍රම­වේ­ද­යක් තහ­වුරු කිරීම සඳහා නිවෙසේ සිට රාජ­කාරි කිරීමේ හැකි­යාව පිළි­බඳ සොයා බලා කරුණු ඉදි­රි­පත් කර­න්නැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට සහ ආය­තන ප්‍රධා­නීන්ට උප­දෙස් දුන්නේය.

පව­තින තත්ත්වය හමුවේ අත්‍ය­වශ්‍ය සේවා­වන් නිසි පරිදි පව­ත්වා­ගෙන යෑමේදී මතු වී ඇති ගැටලු පිළි­බඳ සාකච්ඡා කිරී­මට අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන් ඇතුළු ආය­තන ප්‍රධා­නීන් ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ඊයේ (15) හමු වූ අව­ස්ථා­වේදී ජනා­ධි­ප­ති­ව­රයා විසින් මේ උප­දෙස් දෙනු ලැබීය.

සෞඛ්‍ය, අධ්‍යා­පන, කර්මාන්ත, කෘෂි­ක­ර්මාන්ත, ධීවර ආදී ක්ෂේත්‍ර­යන් පිළි­බඳ අව­ධා­නය යොමු වූ අතර එක් එක් ක්ෂේත්‍රය තුළ යාව­ත්කා­ලීන ඉන්ධන අව­ශ්‍යතා ආදිය පිළි­බඳ මෙහිදී එක් එක් අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන් විසින් ජනා­ධි­ප­ති­ව­රයා දැනු­වත් කෙරිණි.

මතු වූ කරුණු පිළි­බඳ සලකා බැලූ ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර­යන් වෙනු­වෙන් අත්‍ය­වශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේ­ශී­යව පව­ත්වා­ගෙන යෑමේ හැකි­යාව තව­දු­ර­ටත් සොයා බලන ලෙසයි.

එසේම නි‍ෙවසේ සිට රාජ­කාරි සිදු කිරීමේ හැකි­යාව පිළි­බඳ තව­දු­ර­ටත් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ජනා­ධි­ප­ති­ව­රයා ලේක­ම්ව­රුන්ට මෙහිදී උප­දෙස් ලබා දුන්නේය.

ඉදි­රි­යේදී මතු විය හැකි තත්ත්ව­යන් පිළි­බඳ පූර්ව උප­ක­ල්පන ඉදි­රි­පත් කළ නොහැකි බැවින් ඉදි­රි­යේදී මතු විය හැකි ඕනෑම තත්ත්ව­ය­කට මුහු­ණ­දීම සඳහා පෙර සූදා­න­මක අව­ශ්‍ය­තා­වත්, ඒ වෙනු­වෙන් තව­දු­ර­ටත් දැනට හඳු­න්වාදී ඇති ඩිජි­ටල් කේත ක්‍රමය විධි­මත් කිරීමේ අව­ශ්‍ය­තා­වත් ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී දැනට හඳු­න්වාදී ඇති ඩිජි­ටල් කේත ක්‍රමයේ පව­තින අඩු­පාඩු හැකි ඉක්ම­නින් නිවැ­ර­දිව සකස් කර යාව­ත්කා­ලීන කරන ලෙසද ජනා­ධි­ප­ති­ව­රයා උප‍දෙස් ලබා දුන්නේය. එසේම මතු වන නව තත්ත්ව­යන් පිළි­බඳ නිර­න්තර අධී­ක්ෂ­ණ­යෙන් සහ අව­ධා­න­යෙන් සිටිය යුතු බවත්, එක් එක් අංශ­යන් වෙනු‍‍වෙන් වෙන් වෙන්ව තීන්දු තීරණ ගැනීම වෙනු­වට සම­ස්ත­යක් ලෙස සලකා බලා පව­තින අභි­යෝ­ග­යට අදාළ විකල්ප ක්‍රම­වේ­ද­යන් හඳු­නා­ගෙන ඒවා ක්‍රියා­ත්මක කළ යුතු බව අව­ධා­ර­ණය කළ ජනා­ධි­ප­ති­ව­රයා, ඒ වෙනු­වෙන් අන්‍යෝන්‍ය අව­බෝ­ධ­යෙන් යුතුව යුහු­සු­ලුව මැදි­හත් වන ලෙසද උප­දෙස් ලබා දුන්නේය.

මේ අව­ස්ථාව සඳහා විදේශ කට­යුතු, විදේශ රැකියා හා සංචා­රක අමාත්‍ය විජිත හේරත්, කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතු­රංග අබේ­සිංහ, ජනා­ධි­පති ලේකම් නන්දික සනත් කුමා­නා­යක, ජනා­ධි­පති ඩිජි­ටල් ආර්ථික උප­දේ­ශක හාන්ස් විජේ­සූ­රිය, ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති, කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමා­ත්‍යාංශ ලේකම් තිලකා ජය­සු­න්දර, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන අමා­ත්‍යාංශ ලේකම් නාලක කලු­වැව, රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය අමා­ත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ, ඩිජි­ටල් ආර්ථික අමා­ත්‍යාංශ ලේකම් වරුණ ධන­පාල, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමා­ත්‍යාංශ ලේකම් කෝලිත කමල් යන මහත්ම මහ­ත්මීන් සහ ආය­තන ප්‍රධා­නීන් පිරි­සක් එක්ව සිටි­යහ.