හය­වැනි ණය වාරි­කය සමා­ලෝ­ච­න­යට IMF නියෝ­ජි­තයෝ මෙර­ටට

ශ්‍රී ලංකාව සමඟ පවත්නා විස්තී­රණ ණය වැඩ­ස­ට­හනේ හය­වැනි වාරි­ක­යට අදාළ සමා­ලෝ­ච­නය සඳහා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජිත කණ්ඩා­ය­මක් ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ. එම නියෝ­ජිත කණ්ඩා­යම මේ මස අව­සා­නයේ මෙර­ටට පැමි­ණී­මට නිය­මිත බව මුදල් හා ක්‍රම­ස­ම්පා­දන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පව­සයි.

මේ වන­විට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මෙර­ටට ලබා දී ඇති ණය වාරික සංඛ්‍යාව 05ක් වන අතර මෙරට ආර්ථික කාර්යසාධ­නය සඳහා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි අනුව රජය විසින් ගෙන ඇති පිය­වර පිළි­බඳ එහිදී පුළුල් ලෙස සමා­ලෝ­ච­නය කරනු ඇති බව ද එම සමා­ලෝ­ච­න­යෙන් අන­තු­රුව හය­වැනි ණය වාරි­කය මුදා­හැ­රීම සම්බ­න්ධ­යෙන් අවශ්‍ය එක­ඟ­තා­ව­ලට එළ­ඹී­මට නිය­මිත බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඊට අම­ත­රව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ සහය ලබන ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හනේ කොන්දේසි සපු­රා­ලීම සම්බ­න්ධ­යෙන් රජය ලබා ඇති ප්‍රග­තිය ඇග­යී­මට මෙම සංචා­ර­යේදී ප්‍රමු­ඛ­ත්වය ලබා දෙන අතර මෙම ඇග­යීම් ක්‍රියා­ව­ලි­යෙන් පසුව මූල්‍ය වැඩ­ස­ට­හනේ හය­වන වාරි­කය නිද­හස් කිරීම සඳහා අවශ්‍ය එක­ඟ­තා­වන්ට එළ­ඹී­මට හැකි­වනු ඇතැයි අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කරයි.

මහින්ද අලු­ත්ගෙ­දර