සියලුම ගිලන් රථ සඳහා විශේෂ කාණ්ඩයක් යටතේ ඉන්ධන නිකුත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ යටතේ, ගිලන් රථවලට ඩිපෝවලින් මෙන්ම පිරවුම්හල්වලින් ද ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ.
ඊයේ (15) උදෑසන 6.00 සිට ඉන්ධන ලබාගැනීමට දීප ව්‍යාප්තව QR ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබෙනවා







