අතිශය වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීම සඳහා සහාය වන ලෙස ඉල්ලමින් ඇමෙරිකා එක්සත් ජනපදය සිය මිත්‍ර රටවල් සම්බන්ධ කර ගැනීම ආරම්භ කර ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඇමෙරිකාව මේ වන විට රටවල් හතක් සමඟ සාකච්ඡා කර ඇති බවත්, එම බොහෝ රටවල් නේටෝ (NATO) සාමාජික රටවල් බවත් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමේ මෙම “ඉතා සුළු උත්සාහය සඳහා අපට උදව් නොකරන්නේ කුමන රටද” යන්න බැලීම සිත්ගන්නා සුළු වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
ඇමෙරිකාව විසින් ඉරාන නාවික හමුදාව විනාශ කර ඇති බව ඔහු නැවතත් අවධාරණය කළ අතර, චීනයට අවශ්‍ය තෙල් සැපයුමෙන් 90% ක්ම ලැබෙන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා බැවින් මෙයට චීනයේ සහාය හිමි වනු ඇති බවට අපේක්ෂා කරන බවයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.







