මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුද ගැටුම් සහ ඉන් ඇති වන ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියන් සාගර කලාපයේ රාජ්‍ය නායකයන් සමඟ නිරන්තර සාකච්ඡා පැවැත්වීම ශ්‍රී ලංකාවට වැදගත් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
පවතින යුදමය වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අමෙරිකාව විසින් ඉරාන නෞකාවක් සබ්මැරීන ප්‍රහාරයකින් ගිල්වා දමන්නේ සමුද්‍රීය ආරක්ෂාවට මුල්තැන හිමි විය යුතු ඉන්දීය සාගර කලාපයේ බවයි.
අමෙරිකා එක්සත් ජනපදය යුරෝපා රටවල් සමඟ සංවාදයේ නිරත වෙමින්, යුරෝපා රටවල් ද එකිනෙකා අතර සාකච්ඡාමය සංවාදයක් පවත්වාගෙන යන බවත්, ඉන්දීය සාගර කලාපයේ ඒ කිසිවක් දක්නට නොලැබෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.
දේශපාලන කටයුතු, සමුද්‍රීය ආරක්ෂාව, වෙළෙඳාම, ආර්ථික ඒකාබද්ධතාව, ධීවර කටයුතු, කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කලාපයේ රටවල රාජ්‍ය නායකයන් නිරන්තරයෙන් හමුවී සාකච්ඡා කළ යුතු බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.







