රාජ්‍ය ආයතන සඳහා තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බඳවාගෙන ඇති සේවකයින් හට ස්ථිර පත්වීම් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය සේවය, පළාත් රාජ්‍ය සේවය, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ වෙනත් ආයතනවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයේ නිරතව සිටින සේවකයින් සම්පූර්ණයෙන් 9,800කට ආසන්න සංඛ්‍යාවක් බව හඳුනාගෙන ඇත.
2026 අයවැය යෝජනා අංක 33.11 අනුව, මෙම සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව, එම සේවකයින් වෙත ස්ථිර පත්වීම් පිරිනැමීමට අදාළ විධිවිධාන ඇතුළත් චක්‍රලේඛය නිකුත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.








