පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත් දෙක 2026 පෙබරවාරි 19 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබුණු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම පනත් කෙටුම්පත් දෙක මඟින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන ක්‍රියාමාර්ග පාලනය සඳහා පවතින නීති සංශෝධනය කර, නව නීති සහ විධිවිධාන හඳුන්වාදීම සිදුවන බවයි දැක්වෙන්නේ.