විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 28,078දෙනෙකු පරීක්ෂාවට

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම මගින් ගත වූ දිනයේ පුද්ගලයින් 660දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි පුද්ගලයින් 28,078දෙනෙකු පරික්ෂාවට ලක් කළ බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 234දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර 90දෙනෙකු සම්බන්ධයෙන් විවෘත වරෙන්තු ලබා ගෙන තිබේ.

එම මෙහෙයුමේදී බීමත් රියදුරන් 109දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරීව රිය පැදවු 77දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය