මේ මොහොතේ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා ‘දිනමිණ‘ට පැවසීය.
අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුව ඇත්තේ 2024 වසරේ අගෝස්තු මාසයේදීය. ජල ගාස්තු සම්බන්ධයෙන් මිල සූත්‍රයක් සකස් කර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇතත් මේ වන තෙක් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමක් ද සිදුව නැත.
ජල පිරිපහදු කටයුතු සඳහා විදුලිය යොදාගන්නා හෙයින් විදුලි ගාස්තු ඉහළ යෑමක් සිදුවුව හොත් පමණක් ජල බිල්පත කෙරෙහි බලපෑමක් සිදු විය හැකි වුවත් මෙතෙක් එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුව නැතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රන්මලී සෝමසිරි







