බුත්තල ප්‍රදේශයේ පාසලේ මලල ක්‍රීඩා පුහුණුවීම් අතරතුර ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ සිසුවෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඇති වූ එම හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් සිසුවා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබෙන අතර එහෙත් එම අවස්ථාව වන විටත් සිසුවා මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.







