රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් ඉරාන ජනාධිපති Masoud Pezeshkian සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබෙනවා.
එම සාකච්ඡාවේදී ඉරානයේ ඉරානයේ උත්තරීතර නායකයා, අනෙකුත් රජයේ නිලධාරීන් සහ සිවිල් වැසියන්ගේ මරණ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා සිය ශෝකය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ගැටුම් වහාම අවසන් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයාගැනීම රුසියාවේ ස්ථාවරය බව එහිදී පුටින් යළිත් අවධාරණය කර තිබෙනවා.
රුසියාවේ මෙම සහයෝගය වෙනුවෙන් ඉරාන ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කර ඇති බවත්, ඉරානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ද ලබාදී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.







