ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු සංචාරක සීමාවක් පනවා නොමැති බවට ඇමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලවලින් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු සංචාරක සීමාවක් (Travel restrictions) පනවා නොමැති බවත්, ශ්‍රී ලංකාව “අධි අවදානම්” සංචාරක ගමනාන්තයක් ලෙස වර්ගීකරණය කර නොමැති බවත් කොළඹ පිහිටි ඇමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාල නිවේදනය කර තිබෙනවා.

දැනට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වාර්තා නොමඟ යවන සුළු බව පවසමින් දෙරටේම තානාපති ඒවා ප්‍රතික්ෂේප කර ඇති බවයි දැක්වෙන්නේ.

නිවැරදි තොරතුරු සඳහා රජයේ නිල සංචාරක උපදෙස් වෙබ් අඩවි (Travel advisory websites) මත පමණක් විශ්වාසය තබන ලෙස ඔවුන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

 news images