මැදපෙරදිගට අද ගුවන් ගමන්වාර 6ක්

මැදපෙරදිග පවතින යුද උණුසුම මැද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් සිදුකරනු ලබන ගුවන් ගමන් තවදුරටත් අද දිනයේ ද අවලංගු කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසනවා.

කෙසේ වෙතත්, ගුවන් ගමන්වාර 6 ක් අද දිනයේ සාජා, මස්කට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෙයිඩ් වෙත ක්‍රියාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල කියා සිටියේ.

එමෙන්ම, පවතින තත්ත්වය හේතුවෙන් පසුගිය 28 වනදා සිට මේ දක්වා මැදපෙරදිගට සිදුකළ ගුවන් ගමන් වාර 288 ක් අවලංගු කර තිබුණා.