කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සැකකරු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6 යි ග්‍රෑම් 590 ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 910 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.







