මැදපෙරදිග රටවල් 14 ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත් වන ලෙස දැනුම් දීමක්

මැදපෙරදිග රටවල් 14 ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත් වන ලෙසට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, බහරේනය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේටය, ලෙබනනය, ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබියාව, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවල සිටින අමෙරිකානු පුරවැසියන්ට එලෙස ඉවත් වන ලෙසට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පවතින ආරක්ෂිත අවදානම සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.