හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දමා ඇති බවත්, එම කලාපය හරහා යාමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඊබ්‍රාහිම් ජබාරි (Ebrahim Jabari) සඳහන් කර ඇත්තේ, සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවත්, යම් අයකු එය පසු කර යාමට උත්සාහ කළහොත් විප්ලවීය ආරක්ෂක බලකායේ සහ නාවික හමුදාවේ ප්‍රහාර මඟින් එම නැව් ගිනිබත් කරනු ඇති බවයි.








