මෛත්‍රී වික්‍රමසිංහට FCID හි පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දීමක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට රනිල් වික්‍රමසිංහ‍ගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ අනිද්දා (20) දිනයේ පෙනී සිට මෙම ප්‍රකාශය ලබාදෙන ලෙස දැනුම් දී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ.