අම්බලන්ගොඩ පොලිස් වසමේ ආඳාදොළ ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට අද (09) උදෑසන පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.
අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ සැක කටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීම සඳහා පොලිසිය විසින් නැවතීමට සංඥා කර ඇති අතර, එම අවස්ථාවේ ලොරි රථය පොලිස් අණ නොතකා නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී පොලිස් නිලධාරීන් විසින් ලොරි රථය පසුපස හඹා ගොස් නැවැත්වීමට උත්සාහ කිරීමේදී ලොරි රථය තවදුරටත් පලා යාම හේතුවෙන් මෙලෙස වෙඩි තබා ඇති අතර, ලොරිය පරීක්ෂා කිරීමේදී, එහි එළ ගවයන් 10 දෙනකු හා මී ගවයන් 04 දෙනකු සිට ඇති බවත්, ඉන් එක් එළ ගවයකුගේ ගෙල කපා ඝාතනය කර තිබුණු බවත් සඳහන්.
ලොරි රථයේ සිටි සැකකරුවන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,200 ක් හා ලොරි රථය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන අකුරැස්ස හා බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.









