ජපානයේ මහ මැතිවරණය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙවර මැතිවරණය සඳහා ජපානයේ මිලියන 103කට අධික ඡන්දදායකයින් පිරිසක් ඡන්දය භාවිත කිරීමට සුදානම්ව සිටින බවයි. ඒ සඳහා රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 44,000කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර තිබෙන බවද සඳහන් වේ.
දැනට පවතින මත විමසුම් අනුව, ජපාන අග්‍රාමාත්‍යවරිය වන සනයි තකයිචි ඉදිරියෙන් පසුවන බව වාර්තා වෙයි. ඇය නියෝජනය කරන ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය සහ ජනප්‍රිය ජපන් නවෝත්පාදන පක්ෂය සමග ඇතිකරගත් සන්ධානය හරහා වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට හැකි වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ජපානයේ එවකට අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, සනයි තකයිචි ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස බලයට පත්විය.
ඇය ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ පළමු කාන්තා නායකවරිය ලෙස ඉතිහාසගත වූ අතර, එම ධුරය සඳහා ඇයට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලයද හිමිව තිබුණි.
අග්‍රාමාත්‍ය ධුරයට පත්ව මාස තුනක කාලයක් ගතවීමෙන් පසු, පසුගියදා ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ඇය තීරණය කළ බවද වාර්තා වේ.








