විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද (30) දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය ලබන සදුදා දක්වා යළි කල් දමා තිබෙනවා.

එහි සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියේ ඊයේ පැවති තම සංගමය විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ඉවත් කරන ලෙස ඉල්ලා මෙම වර්ජනය අද උදෑසන 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා.