ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන
ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දි තවත් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය පසුගිය 23 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ පැවසූවා.
සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලැබූ කරුණු දැක්වීමකින් අනතුරුව එලෙස නියෝග කළා.
සැකකාරියට එරෙහිව ගෙන තිබූ දින 90ක රැඳවුම් නියෝග 2026/1/15 දිනෙන් අවසන් වන බැවින් තවත් දින 90 ක රැඳවුම් නියෝග ලබාගත් බව කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.
මෙම සිද්ධියට අදාලව විදෙස් ගතව සැකකරුවන් අට දෙනෙක් සිටින බවත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වුවා.
ඒ අනුව 29 වන සැකකරු වන සම්පත් අශේන්, ශාන් අරොශ් හෙවත් මතුගම ශාන් , 32 වැනි සැකකරු වන බටුවන්තේ චාමර, 33 වන සැකකරු වන ඩුබායි සුද්දා යන සැකකරුවන්ට රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වුවා.
එම සැකකරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් රතු නිවේදන නිකුත් කිරීමටද පියවර ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාශ අධිකරණයට දැන්වූවා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් සිව් දෙනකු
විවෘත අධිකරණයේ පෙනී සිටි අතර අනෙක් සැකකරුවන් සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට පෙනී සිටියා.
සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.








