දකුණු මුහුදේදී අල්ලු මත්ද්‍රව්‍ය යාත්‍රා තුළ රු. මිලියන 4,500කට අධික මත්ද්‍රව්‍ය

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක තුළ තිබී කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 4,500කට අධික බව ද වාර්තා වේ.

මෙම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, අදාළ බහුදින ධීවර යාත්‍රාවන් තුළ තිබෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය තවදුරටත් නිශ්චිතව ගණනය කරමින් පවතින බවය.