ඔස්ට්‍රේලියානු දිනය සමරන්න විපක්ෂ නායකවරයා එක්වෙයි

ඔස්ට්‍රේලියානු දිනය සැමරීම නිමිති කර ගෙන ඊයේ (23) කොළඹ පිහිටි මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ පැවැති උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්ව තිබෙනවා.

ඒ මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Matthew Duckworthගේ සහ ඔහුගේ බිරිඳ වන Tanya Duckworthගේ ආරාධනයකට අනුවයි.

එහි දී රටවල රැසක රාජ්‍ය තානාපති නියෝජිතයන් දේශපාලනඥයන් ඇතුළු පිරිසක් හමුවී සුහද සාකච්ඡාවකද නිරත වීමට විපක්ෂ නායකවරයාට හැකිව තිබෙනවා.