චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100 ක් ලබාදෙයි

චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස් රථ 100 ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් පවසනවා.

ඉන්ධන භාවිතය හේතුවෙන් සිදු වන විශාල පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස ලබාදීමට සැලසුම් කර ඇති බස් රථයක මිල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බව ද තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.