රටේ උත්තරීතර නීතිය තුළ නිදහස් සෞඛ්‍යය සහ අධ්‍යාපනය මූලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන, ඒවා උල්ලංඝනය වන අවස්ථාවලදී අධිකරණයේ සහාය පැතීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
අද (19) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති “නිදහස් සෞඛ්‍යය මූලික අයිතියකි – නිදහස් සෞඛ්‍යය රැකගනිමු” තේමාව යටතේ සෞඛ්‍ය ක්ෂේත්රයේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කරනු ලැබුවා.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි පරිච්ඡේදය යටතේ සෞඛ්‍යය හා අධ්‍යාපනය ගැන සඳහන් වුවද, ඒවා රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම පමණක් බවත්, ඒවා උල්ලංඝනය වුවහොත් අධිකරණයට යාමේ හැකියාවක් ජනතාවට නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.
“මෙම විෂයන්ට පවතින ‘නුසුදුසුකම’ ඉවත් කර, ඒවා මූලික අයිතිවාසිකම් ලෙස සවිබල ගැන්විය යුතුයි. එවිට ප්රජාතන්ත්රවාදී ව්‍යූහය තුළ ජනතාවගේ සෞඛ්‍ය අයිතිය නෛතිකව සුරැකෙනවා,” යනුවෙන් ඔහු සඳහන් කළා.
සෞඛ්‍ය ක්ෂේත්රය මුහුණ දෙන ප්‍රධාන අර්බුද කිහිපයක් පිළිබඳවද විපක්ෂ නායකවරයා මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.
ඒ අනුව, සෞඛ්‍ය වියදම්වලින් 38% – 40%ක් පමණ ජනතාවට තම අතින් වැය කිරීමට සිදුවීම, ඉදිරි වසර 25 තුළ වයස 60ට වැඩි ජනගහනය දෙගුණ වීම හා එයට සරිලන පහසුකම් 50%ක්ම නොමැති වීම යන කරුණු මෙන්ම,
බුද්ධි ගලනය ඇතුළු සේවක හිඟය බරපතල ගැටලුවක් වීම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සෞඛ්‍යයට ප්‍රමාණවත් මුදලක් වෙන් නොවීම යන කරුණු විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නා.
තවද, වත්මන් අන්ත ලිබරල්වාදී ව්‍යවස්ථාමය රාමුව වර්තමානයට නොගැලපෙන බවත්, ලෝකයේ සිදුවන වෙනස්කම්වලට අනුකූලව අධ්‍යාපනය හා සෞඛ්‍යය මූලික අයිතිවාසිකම් ලෙස සහතික කරන නව ව්‍යවස්ථාමය ප්රවේශයකට රට යා යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.








