අහංගම තිත්තගල්ල ප්රදේශයෙන් කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට ඇනුව වහාම අහංගම පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තුවාල ලැබූ කාන්තාවන් රෝහල්ගත කර ඇත.
පොලිසිය සදහන් කරනුයේ ප්රහාරයට සම්බන්ධ සැකකරු සිද්ධියට භාවිත කළ බව කියන තියුණු ආයුධය සමඟ අත්අඩංගුවට ගත් බවයි. සැකකරු අහංගම තිත්තගල්ල ප්රදේශයේම පදිංචි 52 හැවිරිදි අයෙකි.
මේ අතර ප්රතිකාර ලබමින් සිටියදී තුවාල ලැබූ වයස අවුරුදු 80ක් වූ එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.








