කිරිපිටි මිල අඩුවීමත් සමඟ කිරි තේකකට රුපියල් 10කින් අඩුකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
අඩු වූ කිරිපිටි මිලට සමගාමීව මෙම තීරණය ගත් බවයි එම සංගමය පවසන්නේ.
ඒ අනුව හෙට දිනයේ සිට මෙම අඩුකිරීම ක්රියාත්මක වනු ඇති.
ආනයනික කිලෝග්රෑම් 1 පැකට්ටුවක මිල රු.125 කින් සහ ග්රෑම් 400 පැකට්ටුවක මිල රු.50 කින් ඊයේ දිනයේ අඩුකරනු ලැබුවා








