රුසියාව, යුක්රේනයේ ප්‍රධාන ඔඩෙසා කලාපයට ප්‍රහාර එල්ල කිරීම තීව්ර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ප්‍රහාර හේතුවෙන් එම කලාපයේ විශාල විදුලි කප්පාදුවක් සිදුව ඇති අතර කලාපයේ සමුද්‍රීය යටිතල පහසුකම්වලට ද තර්ජනයක් එල්ල වී ඇත.
පසුගිය සතියේ, රුසියාව විසින් ඔඩෙසා හි නැගෙනහිරින් පිහිටි පිව්ඩෙනි වරායට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇත.
යුක්රේනයේ තුන්වන විශාලතම නගරය වන මෙම ඔඩෙසා නගරයට ප්‍රහාර එල්ල කිරීම එරට ආර්ථිකයට බලපෑමක් බව එරට නිලධාරීන් පවසයි.








