රේගු දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ නිෂ්කාශන කටයුතු වේගවත් කරලීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.
අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට මේ සඳහා පූර්ණ අවධානය යොමු කිරීමට සාකච්ඡාවේදී උපදෙස් ලබා දුන් අතර, එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට දින හතරකින් තවත් සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි.
මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ,නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, වරාය නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, පර්යන්ත ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.








