උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා අඹේවෙල අතර දුම්රිය ධාවනය හෙට සිට යළි ආරම්භ වෙයි

හෙට (20) දින සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9.00 ට සහ ප.ව 3.00 ට දුම්රිය දෙකක් අඹේවෙල දක්වා ධාවනය වන අතර, අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9.30 ට සහ ප.ව 3.00 ට දුම්රිය දෙකක් බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

 news images