ට්‍රම්ප්ගෙන් බීබී­සී­යට අප­හාස නඩු­වක්

වසර 2021 ජන­වා­රි­යේදී සිදු කළ කතා­වක් විකෘති කර වාර්තා­මය චිත්‍ර­ප­ට­යක් විකා­ශය කිරීම හේතු­වෙන් අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් බීබිසී මාධ්‍ය සමා­ග­මට එරෙ­හිව අප­හාස නඩු­වක් ගොනු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆ්ලොරීඩා ප්‍රාන්ත අධි­ක­ර­ණ­යේදී එම අප­හාස නඩුව ගොනු කළ අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ඩොලර් බිලි­යන 5ක වන්දි මුද­ලක් ද ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

වසර 2020 අග­භා­ගයේ පැවති අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පරා­ජ­යෙන් පසු 2021 ජන­වාරි මස 6 වැනිදා වොෂි­න්ටන් නුවර කැපි­ටල් ගොඩ­නැ­ඟි­ල්ලට කඩා වැදී­මට සහ කැරැ­ල්ලක් ඇති කිරී­මට සිය හිත­වා­දීන් දිරි­ග­න්වන අයුරු ඉස්මතු වන ආකා­ර­යෙන් ට්‍රම්ප්ගේ කතාව විකෘති කළ බවට බීබීසී මාධ්‍ය සමා­ග­මට චෝදනා එල්ල වූ අතර, ඒ පිළි­බඳ කන­ගා­ටුව ප්‍රකාශ කර­මින් එම සමා­ගමේ අධ්‍යක්ෂ ජන­රාල් ටිම් ඩේව් සහ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානි ඩෙබෝරා ටර්නස් පසු­ගි­යදා සිය ධුර­ව­ලින් ඉල්ලා අස්වී තිබිණි.