ශ්‍රී ලංකාව යළි ගොඩ­නැ­ඟී­මට ජාත්‍ය­න්තර ආධාර සමු­ළු­වක්

ආපදාවේ හානිය බිලියන 7 පනී

‘Rebuilding Sri Lanka’ අරමුදලට බිලියන 3.4ක්

සුළි කුණා­ටු­වෙන් විනා­ශ­යට පත්වුණු ශ්‍රී ලංකාව යළි ගොඩ­නැ­ඟීම සඳහා ජාත්‍ය­න්ත­රයේ සහාය ලබා­ගැ­නීම වෙනු­වෙන් ජාත්‍ය­න්තර ආධාර සමු­ළු­වක් කැඳ­වී­මට රජය තීර­ණය කර තිබේ.

ආපදා තත්ත්ව­යෙන් සිදුවූ හානිය පිළි­බ­ඳව මේ වන­විට ලෝක බැංකුව සහ අදාළ රාජ්‍ය ආය­ත­න­වල නියෝ­ජි­ත­යන් විසින් තක්සේරු වාර්තා­වක් සකස් කර­මින් සිටින බවද එය අව­සන් වූ වහාම ආධාර සමු­ළුව කැඳ­වී­මට අපේක්ෂා කරන බව විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

සුළි කුණා­ටුව හේතු­වෙන් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 7-8ත් අතර ප්‍රමා­ණ­යක අලා­භ­යක් ලංකා­වට සිදුව ඇතැයි අනු­මාන කළ­හැකි බව පෙන්වා­දෙන ඒ මහතා ඒ අනුව අන්ත­ර්ජා­තික වශ­යෙන්ද සහාය ලබා­ගෙන නැවත ගොඩ­නැ­ඟීමේ කට­යුතු ආරම්භ කරන බව සඳ­හන් කරයි.

නොවැ­ම්බර් 28 වැනි දින ගොඩ­බි­මට කඩා­වැ­දුණු ‘දිට්වා’ සුළි කුණා­ටුව හේතු­වෙන් රට­පුරා ගංගා ආශ්‍රිත දරුණු ගංව­තුර සහ නාය­යෑම් ඇති වූ අතර, එම­ඟින් පුද්ග­ල­යන් 600කට වැඩි පිරි­සක් මිය­ගිය බව පෙන්වා­දෙන ඇමැ­ති­ව­රයා මහා­මාර්ග, විදුලි සම්ප්‍රේ­ෂණ මාර්ග, වාරි­මාර්ග ටැංකි සහ ඇළ මාර්ග, ගොඩ­නැ­ඟිලි ඇතුළු යටි­තල පහ­සු­ක­ම්ව­ලට විශාල හානි­යක් සිදුව තිබෙන බවද පෙන්වා­දෙයි.

ප්‍රති­සං­ස්ක­ර­ණය සඳහා මූල්‍ය සම්පත් රැස් කිරීම වෙනු­වෙන් රජය දැන­ට­මත් ශ්‍රී ලංකා ප්‍රති­සං­ස්ක­රණ අර­මු­දල පිහි­ටුවා ඇති අතර, ඒ සඳහා මේ වන­විට ව්‍යාපා­රික නාය­ක­යන්ගේ දාය­ක­ත්ව­යන් ඇතු­ළුව රුපි­යල් බිලි­යන 3.4කට අධික පරි­ත්‍යාග ලැබී තිබෙන බවද හදිසි ආධාර ලබා­දී­මට රට­වල් කිහි­ප­යක් එක­ඟ­තාව පළ­කර තිබෙන අතර, පළ­මුව ප්‍රති­චාර දැක්වූයේ ඉන්දි­යාව බවද ඒ මහතා කියයි. සහ­යෝ­ගය ලබා දී ඇති අනෙ­කුත් රට­වල් අත­රට එක්සත් ජන­ප­දය, ඔස්ට්‍රේ­ලි­යාව, පකි­ස්තා­නය, රුසි­යාව, චීනය, එක්සත් රාජ­ධා­නිය, මාල­දි­ව­යින, බංග්ලා­දේ­ශය, මිය­න්මා­රය, තුර්කිය සහ ජපා­නය ඇතු­ළත් වේ. මීට අම­ත­රව, එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය සහ එහි මානු­ෂීය හවු­ල්ක­රු­වන් පසු­ගිය සතියේ මානු­ෂීය ප්‍රමු­ඛතා සැලැ­ස්මක් (HPP) දියත් කළ අතර, දිට්වා සුළි කුණා­ටු­වෙන් පීඩා­වට පත් ප්‍රජා­වන් සඳහා ජීවි­තා­ර­ක්ෂක ආධාර ඉහළ නැංවීම සඳහා අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 35.3ක් (ආසන්න වශ­යෙන් රුපි­යල් බිලි­යන 10.9ක්) ඉල්ලා තිබේ. 2025 දෙසැ­ම්බර් සිට 2026 අප්‍රේල් දක්වා කාලය තුළ වඩාත් අව­දා­න­මට ලක්විය හැකි පුද්ග­ල­යන් 658,000ක් වෙත ළඟා­වීම මෙම සැලැස්මේ අර­මුණ වන අතර ජාත්‍ය­න්තර ආධාර සඳහා රජයේ ඉල්ලීම අනු­ග­ම­නය කරන බව ද ඇමැ­ති­ව­රයා පව­සයි.

එය දැඩි ලෙස බල­පෑ­මට ලක්වූ ප්‍රදේශ සහ ජන­ග­හ­න­යට සහාය ලබා­දී­මෙන් අඛණ්ඩ ජාතික ප්‍රය­ත්න­යන් සම්පූර්ණ කරන අතර මානු­ෂීය ප්‍රමු­ඛතා සැලැස්ම මඟින් අධ්‍යා­ප­නය, ආහාර සුර­ක්ෂි­ත­තාව, කෘෂි­ක­ර්මා­න්තය සහ පෝෂ­ණය, සෞඛ්‍ය, ආර­ක්ෂාව, නවා­තැන් සහ ආහාර නොවන ද්‍රව්‍ය, කඳ­වුරු සම්බ­න්ධී­ක­ර­ණය, ජලය, සනී­පා­ර­ක්ෂාව සහ ඉක්මන් සුවය ඇතුළු තීර­ණා­ත්මක අංශ ආව­ර­ණය කෙරේ.

මහින්ද අලු­ත්ගෙ­දර