පැවති ආපදා තත්ත්වයෙන් වූ වගා හානි වෙනුවෙන් වන්දි ලබාදීම අරඹමින් රුපියල් කෝටි 60ක මුදලක්, වගා හානි සිදුවූ වී ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට ඊයේ (16) දිනයේදී කටයුතු යෙදූ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා ‘දිනමිණ’ට පැවසීය.
ගොවීන්ගේ වගා හානි සඳහා වූ වන්දි මුදල් ගෙවීම්වලින් 80%ක පමණ ප්‍රමාණයක් මෙම සතිය තුළ ගෙවා අවසන් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයිද ඒ මහතා අවධාරණය කළේය. මෙම ආපදා තත්ත්වයෙන් පසු නැවත වගා කළ හැකි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 95,000ක් බව හඳුනාගෙන ඇත. ප්‍රතිශතයක් ලෙස එය 90%කි. නොවැම්බර් 28 දින වනවිට වගා නොකළ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 249,486කි. වගා නොකළ වපසරියෙන් හෙක්ටයාර් 2039කට හානි වී ඇති බවට දැනට තොරතුරු ලැබී තිබේ.
මෙතෙක් වගා හානි දීමනාව සඳහා අයදුම් නොකළ ගොවීන් වේ නම් අදාළ අයදුම්පත ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වෙතින් ලබාගෙන එය ප්‍රෙද්ශයේ ගොවි සංවිධානවල ලේකම්/සභාපති, ආර්ථික සංවර්ධන නිලධාරි හෝ සමෘද්ධි නිලධාරි සහ කෘෂිකර්ම උපදේශකගේ අත්සනින් යුතුව කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වෙත කඩිනමින් ලබාදෙන ලෙසද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කළේය.
බුද්ධිකා ඉඹුලාන








