ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වසරක් තුළ ඉපැයූ වැඩිම ආදායම මේ වසරේ උපයා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශයක චන්දන පුංචිහේවා මහතා පවසයි.
මෙම වසරේ රේගු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2115ක ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් 2371.2ක වාර්තාගත ආදායමක් මේ වසරේ උපයා ඇතැයි හෙතෙම කියා සිටියේය.
පසුගිය 12 වැනිදා වනවිට ආදායම් ඉලක්කය සපුරනු ලැබූ බව කී ඒ මහතා එම ඉලක්කයට වඩා රුපියල් බිලයන 255.3ක් මේ වනවිට උපයා ඇතැයිද ඔහු කීවේය. මේ වසර අවසානය වනවිට රුපියල් බිලියන 300ක ආදායමක් එකතු වනු අතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
සුභාෂිණී සේනානායක








