ගංව­තු­රෙන් හානි වූ හලා­වත මහ රෝහල බලන්න සෞඛ්‍ය ඇමැති යයි

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති නලින්ද ජය­තිස්ස මහතා හලා­වත මහ රෝහලේ විශේෂ නිරී­ක්ෂණ චාරි­කා­වක නිරත වී ගංව­තුර හේතු­වෙන් සිදුවු විනා­ශය නිරී­ක්ෂ­ණය කර කඩි­න­මින් රෝහලේ අනි­කුත් වාට්ටු ඒකක ආරම්භ කිරී­මට අවශ්‍ය කට­යුතු සැල­සී­මට පාල­නා­ධි­කා­රි­යට පොරොන්දු විය.

සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා මෙලෙස නිරී­ක්ෂණ චාරි­කා­වක නිරත වූයේ පසු­ගිය දින පැවති ගංව­තුර ගලා­විත් සමස්ත රෝහල් පද්ධ­තියේ වෛද්‍ය උප­ක­රණ හා අනි­කුත් භෞතික භාණ්ඩ හා මේ වන විට රෝහලේ කට­යුතු කුමන ආකා­ර­යෙන් සිදු­ව­නවා දැයි සොයා බැලීමේ අර­මු­ණිනි.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති නලින්ද ජය­තිස්ස මහතා සමඟ රාජ්‍ය පරි­පා­ලන හා පළාත් පාලන ඇමැති චන්දන අබේ­රත්න, ගයාන් ජානක, අජිත් ගිහාන්, හිරුනි විජේ­සිංහ, ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ මෙරට නියෝ­ජීත වෛද්‍ය රාජේෂ් සම්භා­ජී­රාඕ පාණ්ඩවි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් අසේල ගුණ­ව­ර්ධන මහ­ත්ව­රුන් ඇතුළු අමා­ත්‍යාංශ නිල­ධා­රීහු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්වූහ.

රෝහලේ තත්ත්වය ගැන මෙහිදී රෝහල් අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය සුමිත් අත්ත­නා­යක මහතා ඇමැ­ති­ව­රයා ඇතුළු සෞඛ්‍ය අමා­ත්‍යාංශ නිල­ධා­රීන් හා අනි­කුත් පිරිස් දැනු­ම්වත් කළහ. එහිදී ඇමැ­ති­ව­ර­යාගේ විශේෂ අව­ධා­න­යට ලක්වුයේ හලා­වත මහ රෝහලේ ස්ථාපිත කර තිබූ සීටි ස්කෑන් යන්ත්‍රය ගංව­තු­රින් අක්‍රී­ය­වීම ගැනයි.ඒ සම්බ­න්ධව හා වකු­ගඩු ඒක­කය, ශල්‍යා­ගාර දෙක හා අනි­කුත් ඒකක නැවත ආරම්භ කිරීම සම්බ­න්ධව ඇමැ­ති­ව­රයා විශේෂ අව­ධා­නය යොමු කළේය.

ඇමැ­ති­ව­රයා රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩ­ලය හා රෝගීන් සමඟ සුහද කතා­බ­හක ද නිරත විය.

පුත්ත­ලම අති­රේක –

හිරාන් ප්‍රියං­කර ජය­සිංහ