ආපදා මරණ සංඛ්‍යාව 643 ක් දක්වා ඉහළට

‘දිට්වා’ සුළි කුණාටුව සමඟ හටගත් අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 643 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව මේ වනවිට තවත් පුද්ගලයින් 184 ක් අතුරුදන්ව සිටින බවයි සිය දෛනික වාර්තාව නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

එසේම පවුල් 391,401 කට අයත් 1,364,481 දෙනෙක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.news images