ආපදා කළමනාකරණය වෙනුවෙන් මෙරට​ට Starlink පද්ධති 100 ක පරිත්‍යාගයක්

මෙරට ආපදා කළමනාකරණය වෙනුවෙන් අමෙරිකාවේ Starlink පද්ධති 100 ක් එම සමාගම විසින් ලබා දී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

මේ වන විටත් එම පද්ධති ලංකාවට ලැබී ඇති අතර, කඩිනමින් ආපදා කළමනාකරණ කටයුතු සඳහා ඒවා යෙදවීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.