රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ආලෝක බණ්ඩාරගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයක් මගින් මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
මෙය, රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුමෙන් ගෙවනු ලබන උත්සව අත්තිකාරම් හෝ වෙනත් අත්තිකාරම් වලට අදාළ නොවන අතර, 2026 ජනවාරි 01 සිට පෙබරවාරි 28 දක්වා ගෙවීම් කළ හැකි බවත්, සමාන මාසික කොටස් 10 කින් වර්ෂයකට 8% බැගින් වූ පොලියක් සහිතව එය අය කරගත යුතු බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.








