අපදා මරණ 639 ක් – 211 ක් තවමත් අතුරුදහන්

දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරටට ජන ජීවිතයට මෙන්ම ජීවිත රැසක් මෙන්ම දේපළ රැසක් හානි විය.

මෙම අපදා තත්ත්වය පිළිබඳ අපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන   නවතම  වාර්තාව අනුව ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල්  495,189 ක් අපදාවට ලක්ව ඇති අතර  බලපෑමට ලක් වූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව  1,703,616 කි.

අපදාව හේතුවෙන්  මේ වන විට  පුද්ගලයන්  639 ක් මිය ගෝස් 211 ක් පමණ අතුරුදහන් වී ඇත.

දැනට වාර්තා වන  වැඩිම මියයෑම් ප්‍රමාණයක් වාර්තා වි ඇත්තේ මහනුවර ප්‍රදේශයෙන් වන අතර සංඛ්‍යාත්මකව එය 234 ක අගයක් ගනී.

මෙම ආපදාවෙන් හානියට පත් වූ පුර්ණ නිවාස හානි 5,588 හා අර්ධ නිවාස හානි  102,246 කි .

ආපදා තත්වය හෙතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන  866 ක පවුල් 26,563 ක් හා  පුද්ගලයින් 84,674 මේ වන විට දිවි ගෙවන බව වාර්තා වෙයි.