ගංජා සන්තකයේ තබා ගත් බව ට චෝදනා කරමින් අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි ධාන්‍ය ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති යුතු බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් වන්දි වශයෙන් රුපියල් ලක්ෂ නවයක මුදලක් පෞද්ගලික මුදලින් ගෙවන ලෙස ඊට වගකිව යුතු අනුරාධපුර පොලිසියේ නිලධාරීන් පස්දෙනෙකුට නියෝග කළා.
එම සිද්ධිය සම්බන්ධයෙන් අදාල ව්‍යාපාරිකයා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ විභාගය අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙනු ලැබුවා.
ඒ අනුව රුපියල් ලක්ෂ දෙක බැගින් පෞද්ගලික අරමුදලින් ගෙවන ලෙස පොලිස් නිලධාරින් හතර දෙනෙකුට නියම වුණා.
රුපියල් ලක්ෂයක මුදලක් සිය පෞද්ගලික මුදලින් මාසයක් ඇතුළත ගෙවන ලෙසයි අනික් පොලිස් නිලධාරියාට නියම වූයේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙරාජා සහ සම්පත් විජේරත්නගේ එකඟත්වයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
නොච්චියාගම පදිංචි ව්‍යාපාරිකයා ටී. එම්. ලක්ෂාන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එහි වගඋත්තර කරුවන් වශයෙන් අනුරාධපුර පොලීසියේ සුරාබදු අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් රත්නායක, පොලිස් සැරයන් රත්නායක, පොලිස් කොස්තාපල් අසේල, පොලිස් කොස්තාපල් බණ්ඩාර, පොලිස් කොස්තාපල් ජයතිලක ඇතුළු පිරිසක් නම් කර කරනු ලැබ සිටියා.
ගංජා ළඟ තබාගත් බවට චෝදනා කරමින් 2020 ජූනි පළවෙනි දින පෙත්සම්කරු වග උත්තරකාර පොලිස් නිලධාරීන් පස්දෙනා විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් වුණා.
අනතුරුව ඔහුට අමානුෂික ලෙස පහර දී ඇති බවද පෙත්සම විභාග ඇති අනාවරණය වූ බව නඩු තීන්දුවේ සඳහන් වන්නේ.
ඉන් පසුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර පසුව මුදා හැර තිබුණා.
පෙත්සම්කරු ගංජා කිලෝවක් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට අරගත් බව වග උත්තරකාර පාර්ශවය විසින් සඳහන් කර තිබෙනවා.
කෙසේ වුවද මෙම ක්‍රියාවලිය තුළින් අනුක්‍රමය ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සහතික කර ඇති පෙත්සම්කරුගේ සමාන ලෙස සැලකීමේ මූලික මිනිස් අයිතිවාසිකම කඩවී ඇති බව ඉදිරිපත් වූ කරුණු පරික්ෂා කිරීමේදී පෙන පෙනී යන බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබුණා.
ඒ අනුව ලක්ෂ නවයක වන්දි මුදල් වග උත්තර කාරයක් පොලිස් නිලධාරීන් විසින් සිය පෞද්ගලික මුදලින් පෙත්සම්කරු වෙත ගෙවිය යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කරනු ලැබ තිබුණේ.
අදාල වන්දි මුදල් මාස හයක් කාලය තුළ ගෙවිය යුතු බවට ද නියෝග කර තිබෙනවා.








