06 ශ්‍රේණිය සඳහා සිසු අයදුම්පත් යොමු කිරීමට විදුහල්පතිවරුන්ට ලබාදී තිබුණු කාලය දීර්ඝ කෙරේ

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත, පාසල්වල 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට යොමු කිරීමේ කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, මාර්ගගතව අයදුම්පත් යොමු කිරීමේ හැකියාව දෙසැම්බර් 05 දිනෙන් පසුව අක්‍රිය වන බව දන්වා තිබුණ ද, පවතින ආපදා තත්ත්වය හමුවේ එම දිනය දෙසැම්බර් 12 වැනිදා දක්වා සංශෝධනය කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීමේ කටයුතු ආරම්භ කර නොමැති බවද, ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන පණිවුඩ අසත්‍ය බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images