දෙහිවල A ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව ඊයේ (06) රාත්‍රී 8.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 34 හැවිරිදි පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.








