(01) රාත්රියේ චීනවරාය පොලිස් වසමේ 05 කණුව ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 59 ක් වූ, 05 කණුව ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.









