වත්මන් රජය මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය නාවික ආධාර ලබාදීමට අමෙරිකානු එක්සත් ජනපදය සූදානම් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් (Julie Chung) මහත්මිය ප්‍රකාශ කළාය.
කොළඹ වරාය සංවර්ධනයට මෙන්ම රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමට ද සිය රජය සූදානම් බව තානාපතිවරිය සඳහන් කළාය.
අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය මෙම අදහස් පළ කළේ, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඊයේ (26) හමුවූ අවස්ථාවේදීය.
අමෙරිකා රජයෙන් ලැබෙන ආධාර උපකාරවලට ස්තුතිය පුද කළ අනුර කරුණාතිලක අමාත්‍යවරයා දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට ආරාධනා කළේය.
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
චමීර ඇල්ලදෙණිය








