හක්මන සමූප ඡන්දයත් මාලිමාව පරදී: විපක්ෂයට 68යි මාලිමාවට 32යි

මාතර, හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් බහුතර බලය දිනා ගැනීමට පොදු විපක්ෂය ඊයේ සමත්ව තිබෙනවා.

සමස්ත නියෝජිතයින් සිය දෙනා අතුරින් 68 දෙනෙකුම පොදු විපක්ෂයෙන් තේරී පත්ව ඇති අතර, ජාතික ජන බලවේගයෙන් පත්ව ඇත්තේ නියෝජිතයින් 32 දෙනෙකු පමණයි.

මේ අනුව, ඉදිරියේදී හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සියලුදෙනා පත් කර ගැනීමට පොදු විපක්ෂයට අවස්ථාව පවතිනවා.