කුණු කෑම විකිණූ වැල්ලවායේ කඩ පහළොවකට නඩු

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වැල්ලවායේ වෙළඳ සල් 15 කට නඩු පැවරූ බව වැල්ලවාය මහජන සෞඛ්‍ය කාර්යාලය පවසනවා.

එහිදී ඉතාමත්ම අපිරිසිදු ලෙස ආහාර ද්‍රව්‍ය අලෙවි කළ ස්ථාන රැසක් නිරීක්ෂණය කළ බවත් එම ස්ථානවල ආහාර මිනිස් පරිභෝජනයට නොව සතුන්ටවත් නුසුදුසු බවත් සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරනවා.

අපිරිසිදු ආහාර අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම, අපිරිසිදු ලෙස ස්ථාන පවත්වාගෙන යාම යන චෝදනා යටතේ වෙළෙඳසල් පහළොවකට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියනවා.