1818 ඇමතුම් අංකය මඟින් මත්ද්‍රව්‍ය වැටලීම් රාශියක් සිදු කිරීමට හැකියාව ලැබුණා

පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අනවශ්‍ය ලෙස නිතර විදේශගත වීම සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (15) පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් එල්ල කළා. රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග හමුවේ ඇතැම් නිලධාරීන් වරප්‍රසාද පමණක් බලාපොරොත්තුවෙන් කටයුතු කිරීම බරපතළ තත්ත්වයක් බවද අමාත්‍යවරයා පැවසුවා.

මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ, ඇතැම් නිලධාරීන් විදේශ සංචාර කිහිපයක නිරත වී තිබුණ ද, එම සංචාරයන්ගෙන් රටට සෘජු ප්‍රයෝජනයක් ලැබෙන ඵලදායී යෝජනාවක් හෝ මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවයි. ඒ අනුව මෙම සංචාර බොහොමයක් මහජන මුදල් නාස්තියක් බවට ඔහු චෝදනා කළා.

අසාධාරණයට ලක් වූ නිලධාරීන් කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව තුළ ඉතා දක්ෂ හා හැකියාව ඇති නිලධාරීන් රැසක් සිටිය ද, එම පිරිසෙන් බොහෝ දෙනෙකුට මෙතෙක් කිසිදු විදේශ සංචාර අවස්ථාවක් හිමි වී නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. විදේශ සංචාර ලැබීම සුළු පිරිසකගේ අතේ පමණක් රැඳී තිබීම සාධාරණ නොවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

විශේෂ වරප්‍රසාද සහ දීමනා පමණක් අපේක්ෂා කරන නිලධාරීන්ගේ කුඩා කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ තවදුරටත් රැඳී සිටින බවට ද අමාත්‍යවරයා චෝදනා කළා. එහෙත් මෙම පාර්ලිමේන්තුව ජනතා වරමට යටත්ව බව ද, නිලධාරීන් සියලු දෙනාම රට වෙනුවෙන් කැපවිය යුතු බව ද ඔහු තරයේ අවධාරණය කළා.

පාර්ලිමේන්තු වැටුප් සහ අනෙකුත් කාර්යයන් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන්, අභියාචනා අඩංගු අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙස කථානායකවරයා සැප්තැම්බර් 30 වන දින පාර්ලිමේන්තු මහලේකම්වරයාට උපදෙස් දී තිබුණද, එය තවමත් ඉදිරිපත් කර නොමැති බවත්, එම නිලධාරියා ඊට අනුකූල වීමට අපොහොසත් වූයේ මන්දැයි තමා නොදන්නා බවත් ඔහු පැවසුවා.